Principal's Message

හිතවත් දෙමාපියනි,

දැනට රටෙහි උද්ගතවී ඇති Lockdown තත්ත්වය සහ දින නියමයක් නොමැති පාසල් නිවාඩුව සලකා බලා අප විද්‍යාලයීය දරුවන්ගේ අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව ඉදිරියට ගෙන යාමේ අරමුණින්, දුරස්ථ ඉගෙනුම් පද්ධතියක් ස්ථාපනය කර ඇති බව සතුටින් දැනුම් දෙමි.

විද්‍යාලයීය කළමනාකරණ කමිටුවේ අධීක්ෂණය යටතේ ආචාර්‍ය මණ්ඩලයේ නොමසුරු කැපකිරීමෙන් සහ විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ මගපෙන්වීමෙන් හා තාක්ෂණික දායකත්වයෙන් ඔබගේ දරුවා අධ්‍යාපන ක්‍රියාවලියෙන් ගිලිහී යන්නට නොදී විෂයමාලාව තුළ රඳවා ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළ සඳහා උපරිම සහයෝගයක් දක්වන මෙන් ඉල්ලා සිටිමි.

විදුහල්පති,
තිලක් වත්තුහේවා
නාලන්දා විද්‍යාලය
කොළඹ 10.